Monday, September 3, 2012

ClixSense for Advertisers

වන සංරක්ෂිතවල අනවසර පදිංචිකරුවන් තරාතිරම නොබලා වහාම ඉවත් කරන්න ජනපතිගෙන් නියෝග

වන සංරක්ෂිත ප්‍රදේශවල සිටින අනවසර පදිංචිකරුවන් තරාතිරම නොබලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (27) නියෝග කළේය. වැව්තාවුලු සහ පෝෂක ප්‍රදේශ, අලි සංචරණ මාර්ග ආශ්‍රිතව සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

yhj

tyujtr

ඉන්දියානු රැල්ල නිසා කොළඹ ටාජ් ශක්තිමත් 09/02/2012 13:55

Sri Lanka Taj unit expects strong demand
මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වෙමින් තිබියදී හෝටල් ගොඩ නගමින් සිටියත් ඉදිරි වසර කිහිපයේදී හෝටල් කාමර සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනු ඇතැයි Taj Lanka Hotels සමාගම විශ්වාසය පළ කරයි.
ඉන්දියාවේ Taj Hotels and Resorts සමාගමට අනුබද්ධ මෙම සමාගමේ සභාපති Raymond Bickson මේ බව සිය කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන අතර හෝටල් කාමර සඳහා තිබෙන ඉල්ලුමට වඩා සැපයුම අඩුබව විශේෂඥයින් විසින් පෙන්වා දී ඇතැයි හෙතෙම පවසා තිබේ.
තරු පහේ හෝටල් කාමර විකිණීමේදී අවම මිලක් රජය විසින් නියම කිරීම සිය මිල නිදහසට බාධාවක් බවට සමහර පාර්ශව පවසද්දී Taj Lanka Hotels සමාගම එම පියවර අගය කර ඇත.
සමාගම විසින් කොළඹ ගාලු මුවදොර පිටිය අසල පවත්වාගෙන යන ටාජ් සමුද්‍රා හෝටලය 2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී රුපියල් මිලියන 124 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර 2011 මුදල් වසරේදී ලබා තිබුණේ රුපියල් මිලියන 99 ක ලාභයකි.
මේ අනුව, 2012 මුදල් වසරේදී සමාගමේ කොටසකට අදාළ ලාභය ශත 89 කි.
අවසන් වරට හෝටලයේ කොටසක් රුපියල් 27.60 කට ගනුදෙනු වූ අතර සමාගමේ මූල්‍ය වියදම් 2011 මුදල් වසරේදී වූ රුපියල් මිලියන 20 ක සිට 2012 දී රුපියල් මිලියන 97 ක් දක්වා වැඩිවූ විටත් ලාභ වැඩිවී තිබීම කැපී පෙනේ.
මෙසේ වියදම් වැඩිවී තිබෙන්නේ රුපියල අව ප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණයකින් ලැබූ පාඩු හේතුවෙනි.
කෙසේවෙතත්, සභාපතිවරයා පවසන පරිදි හෝටලයට ඩොලර් මගින් ලැබෙන ආදායම් මගින් මෙම විදේශ විනිමය පාඩුවෙන් කොටසක් මග හරවා ගැනීමට හැකිවී තිබේ.
මෙරටට විශාල වශයෙන් පැමිණෙන ඉන්දියානු සංචාරකයින් නිසා ටාජ් සමුද්‍රා හෝටලයට වැඩි වාසියක් අත්වී තිබෙන අතර 2012 ජූලි මාසය දක්වා ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 2.8 කින් වර්ධනය වී 96,000 ක් පමණ වී ඇත.
මේ වනවිට, ඉන්දියානු රුපියලද අවප්‍රමාණය කර තිබෙන නිසා ඉන්දියානුවන්ගේ විදේශ ගමන් බිමන්වල වියදම් වැඩිවී තිබේ.